Home »
» විභාග සහතික online ගෙන්න ගමු.
විභාග සහතික online ගෙන්න ගමු.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස ආරම්භ කැරුණු මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුවේදී ඊයේ (11) ආරම්භ විය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව මෙම මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතිකපත්‍ර අයදුම් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ. මෙමඟින් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින අයකුට විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් තොරව තම සහතික පත්‍රය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධිවේගී තැපැල් සේවාව ඔස්සේ අවම පැය 48ක කාලසීමාවක් ඇතුළත තමන් වෙත ගෙන්වා ගැනීමේ හැකියාව ලැබේ.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා නවීකරණය කරන ලද විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවිය
මෙම සේවාව මඟින් 2001 වසර හා ඉන් පසුව අ.පො.ස. සමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා පෙනී සිටි අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ තමන්ට අවශ්‍ය සහතික පත්‍රය අයදුම් කළ හැකිය.
එහිදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ලියාපදිංචි විය යුතුය. ඉන්පසු ජංගම දුරකථනය වෙත කෙටි පණිවුඩයක් මඟින් මුරපදය ලැබෙන අතර, එම අංකය ඇතුළත් කර අදාළ විභාගයේ නම, වර්ෂය හා විභාග අංකය ඇතුළත් කඑ සහතික වර්ගය, පිටපත් ගණන හා එය ලබා ගැනීමට අපේක්ෂා කරන ක්‍රමවේදය ඇතුළත් කර මුදල් ගෙවීම තහවුරු කළ යුතු වේ
(
No comments:
Post a Comment