Made for share our tech knowledge

විභාග සහතික online ගෙන්න ගමු.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස ආරම්භ කැරුණු මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුවේදී ඊයේ (11) ආරම්භ විය. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව මෙම මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතිකපත්‍ර අයදුම් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ. මෙමඟින් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින අයකුට විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් තොරව තම සහතික පත්‍රය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධිවේගී තැපැල් සේවාව ඔස්සේ අවම පැය 48ක කාලසීමාවක් ඇතුළත තමන් වෙත ගෙන්වා ගැනීමේ හැකියාව ලැබේ. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා නවීකරණය කරන ලද විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවිය මෙම සේවාව මඟින් 2001 වසර හා ඉන් පසුව අ.පො.ස. සමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා පෙනී සිටි අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ තමන්ට අවශ්‍ය සහතික පත්‍රය අයදුම් කළ හැකිය. එහිදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ලියාපදිංචි විය යුතුය. ඉන්පසු ජංගම දුරකථනය වෙත කෙටි පණිවුඩයක් මඟින් මුරපදය ලැබෙන අතර, එම අංකය ඇතුළත් කර අදාළ විභාගයේ නම, වර්ෂය හා විභාග අංකය ඇතුළත් කඑ සහතික වර්ගය, පිටපත් ගණන හා එය ලබා ගැනීමට අපේක්ෂා කරන ක්‍රමවේදය ඇතුළත් කර මුදල් ගෙවීම තහවුරු කළ යුතු වේ (
Share:

ආදායම් බලපත්‍රය online ලබාගමු

වර්තමානය තුල දියුනුවෙමින් පවතින තාක්ශනයත් එක්ක පහසුවෙන්ම කාර්‍ය්න් කරගන්න පුලුවන් හැකියාව මේ වෙද්දි ලැබිල තියනව.හස්තමය ක්‍රමයෙන් හැමදේම කරනවට වඩා ලේසියෙන් ස්වයංක්‍රීය ක්‍රම වලින් වැඩ පහසුවෙන් කරගන්න පුලුවන්..




අපිට ආදයම් බලපත්‍රය ලේසියෙන්ම ගෙදර ඉදන්ලබා ගන්න පුලුවන් හැකියාව මේ වෙද්දි ශ්‍රී ලංකාවට තුල සපයන්න රජයට හැකියාව ලැබිල තියනව .ඉතින් අපි බලමු කොහොමද මේක පහසුවෙන් කරන්නෙ කියල


1. මේ වෙබ් අඩවියට යන්න
http://www.motortraffic.wp.gov.lk/

2.වම්පැත්තෙ අයිනෙ ආදායම් බලපත්‍රයක ෆොටෝ එකක් ඇති ඒක් ඔබන්න
3.එතනට ඔයාගෙ තොරතුරු ඇතුලත් කරල එකවුන්ට් එකක් හදලා රක්ශන සහතිකේ හා දුම් පරීක්ශාව ඇතුලු අනෙක් දත්ත ඇතුලත් කරල ආදායම් බල්පත්‍රය ගෙන්න ගන්න පුලුවන්.
4.දවස් 14ක් ඇතුලත ඔයාලගෙ ගෙදරටම මේක ලැබෙනව එතකන් ඔයාට මුද්‍රනය කල හැකි පී ඩී එෆ් වර්ගයේ පිටපතක් ලැබෙනව මාසය්ක් වලංගු ඒක අදායම් බලපත්‍රය ලැබෙන කන් තාවකාලික බලපත්‍රයක් ලෙස තබා ගන්න පුලුවන්
Share:

time

Blogroll

Flag Counter

Popular Posts

subscribe me

Recent Posts